ඇලිස්ගේ විස්මලන්තෙට එන ඔය හැමෝටම ආයුබෝවන් !!!!!

Saturday, October 1, 2011

ලෝකේ ලොකුම කණ්නාඩිය O_o

                    මේ විස්මලන්තෙ මාර මාර තැන් තියනවනේ. ඉතින් "විස්මලන්තෙ" කියන නම ඒකට ලැබුන එක අහන්නත් දෙයක්ද?.....

                    ඉතින් මෙහෙම ඉන්නකොට ඉන්නකොට මට ඉලෙක්ට්‍රොනික් ලියුමක් ආවා. ඒකෙ තිබ්බෙ කණ්නාඩියක් ගැන. ගේ හරියක කණ්නාඩියක් නැති එකේ  ;වරහන්,  මම ලියුම හොදට කියෙව්වා. ඒකනම් ඇත්තටම අරුම පුදුම කණ්නාඩියක්. හැබැයි තියෙන්නෙ බොලිවියාවෙ :පී., එත් කරන්න දෙයක් තිබුනෙ නෑ, මට කණ්නාඩියක් ඕනි වෙලයි තිබුනේ. මම රිප්ලයි එකත් එක්කම බොලිවියා ගියා.


                    ඔන්න එහෙනම් ඔයාලත් ඒ කණ්නාඩියෙන් බලන්න ආස ඇතිනේ, මෙන්න එහෙනම් බලන්නකෝ.....



මේ තියෙන්නෙ මගෙ මූණ බලන කණ්නඩිය.....

මම ලස්සනයි ද?????
උඩපැන්නත් කැඩෙන්නෙ නෑ.....

වාහන වලටත් ඔරොත්තු දෙනවා.....


කණ්නාඩිය උඩ ගෙවලුත් හදලයි තියෙන්නේ, හැමදාම මූණ බලාගන්න ඕනි නම් ගෙයක් ගත්තනම් හරි.....


                    දැන් ඔයාල මූණ එහෙම බැලුවනෙ, දැන් මම මේ ගැන තවත් රහසක් කියන්නම්. මේක කණ්නඩියක් කිවුවට කණ්නඩියක් මත් නෙමෙයි, මේ තමයි අපේ ලෝකෙ, ඒ කිවුවෙ විස්මලන්තෙ තියන ලොකුම ලුණු ලේවාය. මෙකේ නම තමයි "සැලර් ඩි උයුනි" (Salar De Uyuni) කොච්චර ලොකුද කියනවනම් වර්ග කිලෝ මීටර් 10,582 විතර වෙනවා. මේක පිහිටල තියෙන්නේ නිරිත දිග බොලිවියාවෙ පොටොසි සහ ඔරුරෝ ප්‍රදේශ ආශ්‍රිතවයි. මීටර් 3,650 ක් උස, ඇන්දීස් කඳු ශිකරය ආසන්නයේ තියන මේ ලුණු ලෙවායේ විශේෂත්වය තමයි, ජලය තට්ටුවකින් වැහිල ගියාම අහසෙ ප්‍රතිබිම්බය පෙනීම, හරියට කණ්නාඩියකින් වගේ. 

කණ්නාඩියක් වගේමයි නේද?????


                    මේ ලුණු තට්ටුව මීටර් 10 ක් විතර ඝනකම්. වියළි ඍතුවේදී මේක තනිකරම ලුණු වලින් වැසුණු ප්‍රදේශයක්. ඒත් වර්ෂා කාලෙට මෙ ප්‍රදේශය ජල තට්ටුවකින් වැහුනම හරිම අපූරු ප්‍රතිබිම්බ රටා මවනවා. 
ගණනය කරල තියන විදිහට මේ ලුණු ලෙවායේ ලුණු ටොන් බිලියන 10 කට අධ්ක ප්‍රමාණයක් අඩංගුයි.



ගියොත් ගේන්නත් පුලුවන්.....

ලුණු ලාබයි //.....


                    ඉතින් වියළි කාලෙදියි, වර්ෂා කාලෙදියි එකිනෙකට වෙනස් රටා මවන මේ අරුම පුදුම ස්වාභාවික කණ්නාඩිය "විස්මලන්තෙ" ට ස්වභාවධර්මයෙන් ලැබුණු දායදයක් නෙමේද.....












2 comments: