ඇලිස්ගේ විස්මලන්තෙට එන ඔය හැමෝටම ආයුබෝවන් !!!!!

Sunday, September 18, 2011

රැවුලක් කල හදියක්.....

මට මේක දැනගන්න ලැබුනෙ "අතීතය"ට ටුවර් එකක් ගිය වෙලාවේ. මට මුණගැහුනා මිස්ටර් එබ්‍රහම් ලින්කන්. එතුමා තමයි ඇමෙරිකා එක්සත් ජනපදයෙ 16 වෙනි ජනාධිපතිතුමා. 1861 තමයි මෙතුමා ජනාධිපති විදිහට පත් උණේ. මේ ජයග්‍රහනය පිටුපස තිබුන අපූරු රසවත් කථාවක් එතුමා මට කිවුවා. ඒ කථාව පටන් ගන්නෙ මෙන්න මේ ලියුමෙන්. කියවන්නකො,



ගෞරවනීය ඒබ්‍රහම් ලින්කන් මහතා වෙත,

මම අවුරුදු 11 ක් වයස පුංචි ගෑණු ළමයෙක්. මම පොඩි ළමයෙක් බව ඇත්ත, ඒත් මගේ ආසාව ඔබතුමා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වෙනවා දකින්න. ඒත් ඒකට එක බාධාවක් තියනවා. ඔබ තුමාගේ මුහුණ ගොඩාක් කෙට්ටුයි. ගාම්භීර බවක් පේන්නෙ නෑ. ඒත් ඔබ මුහුණේ රැවුල වැව්වොත්, ඔබේ ගාම්භීරත්වය ගොඩාක් වැඩි වේවි. එතකොට ඔබට මිනිස්සුන්ගෙ ප්‍රසාදයත් ලැබෙයි. මට විස්වාසයි එවිට ඔබ ජය ගන්නා බව.


                                                           මෙයට,
                                                           ග්රේස් බෙඩෙල්.




ලියුම කියෙව්වට පස්සෙ මට මොනවද හිතුනෙ? වෙන මොනවද ඉතින්, මේ කෙල්ලට පිස්සු කියල හිතුණා. මේවගේ පොඩි එකෙක් එවපු පිස්සු ලියුමක තියනදේ මෙතුමා පිළිගනීද? :ඕ

ඒත් ඊට පස්සෙ ජනාධිපති තුමා පෙන්නපු දෙයින් මට පිස්සු හැදුනා. :පී
ඒ ග්රේස්ට ලියපු පිළිතුරු ලිපිය.


                                                    පුද්ගලිකයි


මගේ පුංචි දරුවෝ,


ඔබේ සිත් ඇදගන්නා සුලු ලියුම මම කියෙව්වා. මම මේදේ කියන්න ඕනෑමයි, මට දූවරු නැහැ. ඉන්නෙ පුතාලා තුන් දෙනෙක්. ඔබ කියූ විදිහට මම දැන් පටන් රැවුල වැව්වොත්, මිනිස්සු ඒක විකාර අදහසක් විදිහට දකින එකක් නැති වෙයිද?

                                            මෙයට,           
                                            ඔබට අවංකවම සුබ පතන,
                                            ඒබ්‍රහම් ලින්කන්.

           

පුදුමෙ ඒක නෙමේ, ඒ ළමය කියපු එක අහල ලින්කන් රැවුල වවපු එක. ඒ විතරක් නෙමෙයි, අර ළමය කිව්ව වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බවටත් පත් වුණා. 

ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති තුමා ග්රේස්ව අමතක කළේ නැහැ. තමන්ට සුබ පැතූ ඒ දරුවාට එතුමා ආදරය ප්‍රකාශ කළේ පුංචි ග්රේස්ව ආදරයෙන් සිප ගනිමින්.....
                                                                     ඒබ්‍රහම් ලින්කන්
                                                                     ග්රේස් බෙඩෙල්

3 comments:

  1. නියමයි ලස්සනට ලියල තීනව... සුබ පැතුම් දිගටම ලියන්න... ජය වේවා!!!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි..... ඔබටත් ජයෙන් ජය.....

    ReplyDelete