ඇලිස්ගේ විස්මලන්තෙට එන ඔය හැමෝටම ආයුබෝවන් !!!!!

Saturday, September 24, 2011

~~~~~ නයි කේස් ~~~~~

මෙ දවස් වල වර්ෂාව නිසා විස්මලන්තෙ රවුම් ගහන්න බැරි උනා. ඉතින් මම හිතුව ඔයාලට මට වෙච්ච දෙයක් කියන්න (මට කිවුවට මට නෙමේ, යාලුවෙක්ට). ඒ කියන්නෙ මම කරපු පිස්සු වැඩක් (මම කිවුවට යාලුවෝ සෙට් එකත් එක්ක හොදේ, මම තනියම ඕව කරන්න බයයි නෙ :පී)
මම එතකොට සාමාන්‍ය මට්ටම් පන්තියෙ (සිංහලෙන් O/L ද මොකක්ද එකක්) විභගෙට මාස 2ක් 3ක් විතර තිබුනෙ. හරිම බෝරිං, මාර වැඩේ කියන්නෙ එදා ළමයෙක් ර්බර් නයෙක් ගෙනල්ල තිබුනා. අපිටත් එක විදිහකට ඉන්න බෑනෙ, නයාගෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතාගෙන දැම්මා රබර් නයාව නායිකාවගෙ පර්ස් එක ඇතුලට, එයා එලියට ගිය වෙලාවක. (අනේ තරහට එහෙම නෙමේ, එයා නයින්ට බයයි, අපේ සෙට් එකේම යාලුවෙක් තමා)
එදා ලාස්ට් පීරියඩ් දෙක සයන්ස්, (නයා දැම්මෙ මේ වෙලාවෙදි තමා) අපි ඉතින් ලෝක පූජිත සයන්ටිස්ට්ලනෙ ඉතින් අපි පුරුද්දක් වශයෙන් ඈනුම් රිලීස් කරනවා. එදා සර්ට හොදටම හෙම්බිරිස්සාව, ලේන්සුවකුත් නහයට තුරුල් කරගෙන සර් පංතියට අවා.
නායිකාවටත් එදා වැඩ ගොඩයි, එහෙට දුවනවා, මෙහෙට දුවනවා. මෙයා දැන් පුපුරන්න ඔන්න මෙන්න වගේ. ස(ර්)රුත් නෝට් එක කියවනවා හචින් යව යවා :පී. නායිකාවත් නිකන් හිටියේ නෑ, කටත් ඇදකරගෙන ස(ර්) දිහාම බලාගෙන ඇරියා ප(ර්)ස් එක. අපෙ නහර පිපිරෙන්න එනවා වගේ හිනාව තද කරගෙන ඉදලා :ඕ.
 හිරෝෂිමාවට ගහපු පරමාණු බෝම්බෙ චැප්ටර් ටූ. මහා සද්දෙකුයි, විලාපෙකුයි ඇහුනා. අපිට උන් හිටි තැනුත් අමතක උණා. ළග තිබ්බ පුටු 2, 3කුත් පෙරල ගෙන නායිකාව හිට්යෙ බිම වැටිල. ඒ සද්දෙට අසල්වැසි පංති 3නම වැඩ අතහැර අපේ පංතියට ඒරියල් දාගෙන. අංශභාර මිසුත් එතන. එහෙන් නායිකාව ටැප් එක ඇරල වගෙ අඩනවා, ස(ර්) ලේන්සුව ඉබ ඉබා අපි දිහාට එනවා. අපි සෙට් එකට හීන් දාඩ්ය දැම්මා. රවාගෙන අපි දිහාට එන ස(ර්)ව දැක්ක මට දුවන්න හිතුනා.  කට්ටියක් නයිකාවගෙ කකුලෙ බෙහෙත් ගානවා. හච්න් යව යව එන ස(ර්)ව අපිට පෙනුනෙ යෝදයෙක් වගේ. අපේ මූණු රතු වෙලා, පොඩි එවුන්ට ඉන්ජෙක්ෂන් ගහන්න න(ර්)ස් එද්දි බය වෙනව වගේ. ස(ර්) ළගටම අවා, කරන්න දෙයක් නෑ, දන් බැනුම් අහන්න හිත හදා ගත්තා.
 හපොයි, හීනෙකින්වත් මෙහෙම චාන්ස් එකක් ලැබිල නැ. හිරෝෂිමා චැප්ටර් නම්බර් ත්‍රී, ස(ර්)ට ගියේ නැතෑ අලි හචිමක්, ස(ර්)ට කරන්න ආපු කාරනෙත් අමතක උණා. ලෙන්සුව නහයට තුරුල් කරගෙන ස(ර්) ට(ර්)න්ඩ් බැක්. අනේ හචිමට පින්සිද්ද වෙන්න අපි බේරුනා, දැනුන සතුටක මහත මනින්න විදිහක් තිබුනෙ නෑ. බැනුම් ඇහුවෙ නැති උනාට යාලුවා ගැන නම් ගොඩක් දුක හිතුනා, ඒත් එයාට අවුලක් උණේ නෑ. ඒ ගැන දැන ගත්තම අපේ ඔලුවල මල් පිපුනා.....
ඕක තමයි උනේ ඉතින්..... :ඩී

Monday, September 19, 2011

නපුරු සිතේ ආදරය.....

අන්තර්ජාලයේ සැරිසරද්දි මම අමුතුම විදිහෙ වීඩ්යෝ එකක් දැක්කා. මේ විස්මලන්තෙ සිද්ද උන ඒ සිදුවීම දැක්ක මට මහ ගොඩක් දෙවල් හිතුනා. මිනිස්සුන්ට වඩා සත්තු ගුණධර්ම කියන දේ දන්නව. සත්තුන්ව අවතක්සේරු කරන මිනිස්සු මේක බලන්නම ඕනි. අද පාරක් පාරක් ගානෙ පොඩි ළමයින්ව දාල යන, ඉපදුන හැටිය මරල දාන, "අම්මා" කියන උතුම් නමටත් නිග්‍රහ කරන අය අඩුම තරමෙන් මේ සතාගෙන්වත් ආදර්ශයක් ගන්නවනම් ගොඩාක් හොදයි. නපුරු හිතෙත් කොනක ආදරය, දයාව, අනුකම්පාව තියනව කියන්නෙ මේකට තමයි.....

බලන්න.....
නපුරු සිතේ ආදරය.....



සිතීම ඔබට බාරයි.....

Sunday, September 18, 2011

රැවුලක් කල හදියක්.....

මට මේක දැනගන්න ලැබුනෙ "අතීතය"ට ටුවර් එකක් ගිය වෙලාවේ. මට මුණගැහුනා මිස්ටර් එබ්‍රහම් ලින්කන්. එතුමා තමයි ඇමෙරිකා එක්සත් ජනපදයෙ 16 වෙනි ජනාධිපතිතුමා. 1861 තමයි මෙතුමා ජනාධිපති විදිහට පත් උණේ. මේ ජයග්‍රහනය පිටුපස තිබුන අපූරු රසවත් කථාවක් එතුමා මට කිවුවා. ඒ කථාව පටන් ගන්නෙ මෙන්න මේ ලියුමෙන්. කියවන්නකො,



ගෞරවනීය ඒබ්‍රහම් ලින්කන් මහතා වෙත,

මම අවුරුදු 11 ක් වයස පුංචි ගෑණු ළමයෙක්. මම පොඩි ළමයෙක් බව ඇත්ත, ඒත් මගේ ආසාව ඔබතුමා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වෙනවා දකින්න. ඒත් ඒකට එක බාධාවක් තියනවා. ඔබ තුමාගේ මුහුණ ගොඩාක් කෙට්ටුයි. ගාම්භීර බවක් පේන්නෙ නෑ. ඒත් ඔබ මුහුණේ රැවුල වැව්වොත්, ඔබේ ගාම්භීරත්වය ගොඩාක් වැඩි වේවි. එතකොට ඔබට මිනිස්සුන්ගෙ ප්‍රසාදයත් ලැබෙයි. මට විස්වාසයි එවිට ඔබ ජය ගන්නා බව.


                                                           මෙයට,
                                                           ග්රේස් බෙඩෙල්.




ලියුම කියෙව්වට පස්සෙ මට මොනවද හිතුනෙ? වෙන මොනවද ඉතින්, මේ කෙල්ලට පිස්සු කියල හිතුණා. මේවගේ පොඩි එකෙක් එවපු පිස්සු ලියුමක තියනදේ මෙතුමා පිළිගනීද? :ඕ

ඒත් ඊට පස්සෙ ජනාධිපති තුමා පෙන්නපු දෙයින් මට පිස්සු හැදුනා. :පී
ඒ ග්රේස්ට ලියපු පිළිතුරු ලිපිය.


                                                    පුද්ගලිකයි


මගේ පුංචි දරුවෝ,


ඔබේ සිත් ඇදගන්නා සුලු ලියුම මම කියෙව්වා. මම මේදේ කියන්න ඕනෑමයි, මට දූවරු නැහැ. ඉන්නෙ පුතාලා තුන් දෙනෙක්. ඔබ කියූ විදිහට මම දැන් පටන් රැවුල වැව්වොත්, මිනිස්සු ඒක විකාර අදහසක් විදිහට දකින එකක් නැති වෙයිද?

                                            මෙයට,           
                                            ඔබට අවංකවම සුබ පතන,
                                            ඒබ්‍රහම් ලින්කන්.

           

පුදුමෙ ඒක නෙමේ, ඒ ළමය කියපු එක අහල ලින්කන් රැවුල වවපු එක. ඒ විතරක් නෙමෙයි, අර ළමය කිව්ව වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බවටත් පත් වුණා. 

ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති තුමා ග්රේස්ව අමතක කළේ නැහැ. තමන්ට සුබ පැතූ ඒ දරුවාට එතුමා ආදරය ප්‍රකාශ කළේ පුංචි ග්රේස්ව ආදරයෙන් සිප ගනිමින්.....
                                                                     ඒබ්‍රහම් ලින්කන්
                                                                     ග්රේස් බෙඩෙල්

Friday, September 16, 2011

***** ස්තූතියි *****

හායි,
මම ගොඬක් ආසාවෙන් හිටියෙ සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. ඒත් ඉතින් නෝ අයිඩියාස් නෙ.  ඒත් සමහරක් සිංහල බ්ලොග් කියවද්දි පොඩි පොඩි අයිඩියාස්  ආවා. ඊට පස්සෙ මම මගේ "විස්මලන්තෙ" දොර විවෘත කළා. මම මේ විදිහට සිංහලෙන් බ්ලොග් ලියන්න මූලික අදහස ගත්තෙ "කම්මැලියා" ගෙන්. ඉතින් "කම්මැලියා" බ්ලොග් එකේ නිර්මාතෘ "කම්මැලියා"ට මම ගොඬක් ස්තූති කරනවා.